29 C
Negombo
Friday, May 17, 2024

ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරු 22ට සහාය වෙති

Must read

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

“මේ 22 සංශෝධනය ගැන අපේ මතය ප්‍රකාශ කරනවානම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ 22 සංශෝධනයෙන් මොනම ආකාරයකින් ජනාධිපතිවරයාගේ බලතල අඩුවෙලා නැහැ. මොකද මෙතෙනට එන්න කලින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යම් යම් අදහස් ආපු නිසා අද මේ ඇවිල්ලා තියෙන එකෙන් ජනාධිපතිවරයාගේ බලතල සියල්ලම තියෙනවා. මොනවද අපිට ජනාධිපතිවරයාගෙන් ඉවත්කර ගන්න අවශ්‍ය වුණ බලතල… අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී අද ජනාධිපතිවරයාට කැමති කෙනෙක් පත්කරන්න පුළුවන්. අගමැතිවරයාගේ අදහස් විමසන්න විතරයි තියෙන්නේ. ජනාධිපතිවරයාට අවශ්‍ය කැබිනට් මණ්ඩලයත් පත්කරන්නත් පුළුවන් ඒ කැබිනට් මණ්ඩලය අස්කරන්නත් පුළුවන්.  එපමණක් නෙමෙයි ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාශය විතරක් නෙමෙයි ඕනෑම අමාත්‍යාංශයක් මේ 22 සංශෝධනය යටතේ තියාගන්න පුළුවන්.  එපමණක් නෙවෙයි අගමැතිවරයාත් ඉවත් කරන්න පුළුවන්. එහෙනම් පැහැදිලිවම ජනාධිපතිවරයාගේ බලතල කිසිවක් මෙතනින් ඉවත්වෙලා නැහැ.  ඒ නිසා ඇත්තම කියනවානම් අරගලයට ආපු ජනතාවට අවශ්‍ය වුණේ වෙනසක් නම් සිස්ටම් චේන්ජ් එකක්නම් ඒ සිස්ටම් චේන්ජ් එක කීයටවත් මෙතනින් වෙන්නේ නැහැ. හැබැයි 22 සංශෝධනයේ එක සාධනීය කරුණක් අපි දකිනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා නැවත ගෙන්නලා තියෙනවා. හැබැයි මෙතෙනත් අපිට ගැටලුවක් තිබුණා. මේ 22 සංශෝධනය ගැසට්කළ වෙලාවේ අපි බැලුවා මේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සභාවේ සංයුතිය දිහා. මේ සංයුතිය වෙනස් කරලා තිබුණා සම්පූර්ණයෙන්ම ආණ්ඩුවට පක්ෂව. මේකේ 10 දෙනෙක් ඉන්නවා නම් 10 දෙනොගෙන් 7 දෙනෙක් ම ආණ්ඩු පක්ෂයේ.  ඒ ගැන අපි කථා කළා විවිධ අවස්ථාවල. දැන් අපිට සතුටුයි දීලා තියෙනවා පොඩි පත්‍රකාවක් මේ සංශෝධනය කරලා. සංයුතිය යම් ආකාරයකට සාධාරණ මට්ටමකට ගෙනල්ලා තිබෙනවා. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නට.” 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article