29 C
Negombo
Friday, May 17, 2024

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්

Must read

බදු ගෙවීම මත පදනම් වූ නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පැවසුවේ සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් අදාළ නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවය.

මේ අතර නියමිත ලෙස බදු ගෙවීම් සිදුකරන්නේ නම් වෘත්තීය අවදානම මත පදනම්ව එම ක්‍රමවේදය හඳුන්වාදීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා,

“විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඉදිරියේදී හඳුන්වලා දෙනවා. බදු ගෙවන නිෂ්පාදනය කරන ව්‍යවසායකයෝ, ඉහළ මට්ටමේ ඉන්න ව්‍යවසායකයෝ වෙළෙන්ඳන්ට කිසිම විශ්‍රාම වැටුප් ක්‍රමයක් නෑ. ඒගොල්ලොන්ටත් අපි හඳුන්වලා දෙනවා අපේ සමාජ ආරක්ෂණ මණ්ඩලයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක්. අපි යෝජනා කරනවා බදු ගෙවන අය වෙනුවෙන් රජයෙනුත් දායකත්වය ලබාදීලා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න. මොකද ඒ ගොල්ලොන්ගේත් ව්‍යාපාර ඕනෑම මොහොතක බිඳ වැටෙන්න පුළුවන්.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article