29 C
Negombo
Friday, May 17, 2024

බෙවිස් නික්ම ගියත් – මතක නදිය ගලාබසී

Must read

හෙට දළදා වීදියේ ගමන් කරන විට ඒ හිතමිතුරු වදන් තෙපලන්නට බේවිස් මනතුංග තවදුරටත් එතැන නැහැ .
හැබැයි ඒ හිස්තැන සොඳුරු මතක පෙළක් සිත්තම් කරාවි .

බේවිස් ගහ යට තම අත්වාරුව සමඟින් එහි සිටියේ ඇයිදැයි බොහෝ දෙනාට ප්‍රහේලිකාවකි .

බේවිස් මහනුවර නගරයේ සංස්කෘතික කැඩපත විය.

දක්ෂ ගිටාර් වාදකයෙක් වූ ඔහු හා අප බොහෝ දෙනා සංගීතය , චිත්‍රපට නාට්‍ය හා දේශපාලනය කථා කළෙමු.

වසර කීපයකට පෙර මහනුවර දී එස් සේනානායක වීදියේ ටෙල් රේඩියෝ නමින්
අන්තර් ජාල ගුවන් විදුලියක් ආරම්භ ආරම්භ කළේ පොත් කඩයක් තුලය .
නිතර පොත් කඩයට ගොඩවැදුණු බේවිස් අප වෙනුවෙන් ප්‍රචාරක දැන්වීමක් නිර්මාණය කළේ ගීතයක් ගයනා කරමිනි.

එදවස බේක් හවුස් වැට සොඳුරු කතිකාවක නිම්න භූමියක් විය. නගරයේ සෑම සංස්කෘතික කටයුත්තක්‌ම සම්බන්ධීකරණය වුයේ එතැනිනින්ය.

ඒ වැට අද්දර හිඳ නෙක විධ කතිකාවත් පණ ගැන්වූ බොහෝ දෙනා මේ මොහොතේ සිහිපත්වේ .

සුචරිත ගම්ලත් , රජා උස්ටවැටකෙයියාව , ධර්මසේන පතිරාජ, අශෝක පීරිස්, හේම රත්න ලියනාරච්චි , තිස්ස අබේසේකර .ප්‍රීති බණ්ඩාර ධනපාල ,එස් බලා ක්‍රිෂ්නන් ,චර්චිල් , ප්‍රියන්ත මුදන්නායක ,පුෂ්පානන්ද ,පලිහවඩන,කපිල ගමගේ, චන්ද්‍රරත්න බණ්ඩාර ,ප්‍රියන්ත කුලසේකර ආදීන් මේ අතර සිටි අතර
මේ හමුවේ යාව ජීව සාමාජිකයා වුයේ බේවිස්ය.

මහනුවර නගරයේ සංස්කෘතික කටයුත්තක් ඇති හැමතැනකම බේවිස් විය .

හිතමිතුරු සංස්කෘතික ක්‍රියාධරයාණෙනි ,ජීවිතයේ සොඳුරු ඉසව්වක් සනිටුහන් කරමින් ඒ මතක නදිය තවත් බොහෝ කාලයක් ගලා බසිනු ඇත.

(එම්.ජේ.ආර් ඩේවිඩ්ගේ ෆේස් බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article