29 C
Negombo
Friday, May 17, 2024

කෙන්යාවත් අර්බුදයක

Must read

ණය ගෙවීම පැහැරහැරීම හේතුවෙන් චීන බැංකු කෙන්යාවට දඩ පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේවෙතත් කෙන්යාව අදාළ පුවත ප්‍රතික්ෂේප කර ඇති බවද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි.

චීනයේ ණය පදනම යටතේ කෙන්යාව ආරම්භ කළ දුම්රිය මාර්ග ව්‍යාපෘතියකට අදාළ ණය වාරික නොගෙවීම සම්බන්ධයෙන් මෙම ගැටලුව පැනනැගී තිබේ.

අදාළ දුම්රිය ව්‍යාපෘතිය මගින් හිමිවන ආදායම, එහි වියදම් පියවා ගැනීමට හෝ ප්‍රමාණවත් නොවන බැවින් කෙන්යාව මෙලෙස දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බවද විදෙස් මාධ්‍ය පවසයි.

ලෝක බැංකුවට පසුව කෙන්යාවේ විශාලතම විදෙස් ණයහිමියා චීනය බවද වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article