ඉහල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් වාන් දොරටු හතරක් අද අලුයම සිට විවෘත කර තිබෙනවා.
එම වාන් දොරටු හතරෙන් තත්පරයට ඝන අඩි 200 ක ජල ධාරිතාවක් කොත්මලා ඔයට මුදා හරින බවයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකය සඳහන් කළේ.
එම ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් අඛණ්ඩව වැසි ලැබුණහොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුව විවෘත වන බවත්, ඒ අනුව ඉහල කොත්මලේ ජලාශයේ වේල්ලට පහලින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.